Header Ads

හිටපු ඇමති රාජිත ගැන බුද්ධදාස විතානආරච්චි අතීතාවර්ජනය කරමින් මුහුණුපොතේ තැබූ සටහන මෙන්න.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන බුද්ධදාස විතානාරච්චි විසින් හිටපු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ධ අතීතාවර්ජනයක් සිදුකරමින් සිය මුහුණුපොතට සටහනක් එක්කර තිබෙනවා.

ඒ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරගත කිරීමේ සිදුවීමත් සමඟයි.

එම අපූරු සටහන පහතින් ;

මෙම ඡායාරූපය දැක්කම 1987 එක්තරා දවසක් කරා මගේ මතකය ඇදී ගියා.

වසර 33 ක අතීතයක්….

“ඉන්දු ලංකා ගිවිසුම ” (ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට නාවික හමුදා සෙබලා පහර දුන් අවස්ථාව) අත්සන් කරන්න සතියකට පමණ පෙර එවකට තිබූ “ගැහැණියක් මිනිහෙක් – මිනිහෙක් ගැහැණියක් විතරයි කරන්න බැරි වෙන ඕනෑම දෙයක් කරන්න පුළුවන් ” යැයි පාරම් බෑ හයෙන් පහක බලයක් ගැන හිතාපු ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව විසින් “ගිවිසුමට විරෝධය පාවිය ” යන උපකල්පනය මත හදිසි නීතිය යටතේ පුද්ගලයන් සිය ගණනින් අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා තබන්න කටයුතු කළා. එම පුද්ගලයන් අතර මමද සිටියා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්. වෛද්‍ය සිසුන්, නීති සිසුන්, භික්ෂූන් හා තවත් සමාජ ක්‍රියාකාරිකයන් බොහොමයක් මේ අතර සිටියා. මෙසේ නීති විරෝධීව රඳවාගෙන සිටි අතර (වසර එකහාමාරක කාලයක් පමණ සිට තිබු) හදිසියේ ඇති වුන මගේ දතක ආබාධයක් හේතුවෙන් මාව කොළඹ දන්තායතනයට බන්ධනාගාරය මගින් යොමුකළා.

බන්ධනාගාර නිළධාරීන් මාව රැගෙන දන්ත වෛද්‍යවරයා ලඟට ගිය විට එහි සිටියේ දන්ත වෛද්‍ය රාජිත සේනාරත්නය. මගේ දෑතට දැමූ මාංචු සමගම වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීම ගැන උරණ වූ වෛද්‍ය සේනාරත්න දැඩි ස්වරයෙන් ජේලර්වරයා අමතා..”වහාම මෙයාගේ මාංචු ගලවනවා… ඔහෙලට මෙයා හිරකරුවෙක් උනාට මට මෙයා දැන් මගෙ රෝගියෙක්…” යැයි කියූ සැනින් මා සමග ගිය ජේලර්වරයා මගේ දැතේ දමා තිබූ මාංචුව ඉවත් කළා.ඉන්පසු රාජිත සේනාරත්න දන්ත වෛද්‍යවරයා මට ප්‍රතිකාර කළා.

පහත සඳහන් සේයාරුව ඊයේ පුවත්පතක තිබෙනවා දුටුවිට මගේ මතකයට මෙම සිදුවීම එසැනින් මතක් වුනා.

එකල දේශපාලනයේ නොසිටි ඔහු පසු කලෙක දේශපාලනයේ නිරත වෙමින් මෑතකදී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් සිට මේ ඉරණමට මුහුණ දී සිටිනවා.
එදා මගෙ මාංචු ගලවන්න ජේලර්ට අණ කළ වෛද්‍යවරයා,
අද එම ජේලර්වරු විසින්ම දෑතට මාංචුලා බන්ධනාගාරය වෙත ගෙන යනවා.

(මෙය අතීතාවර්ජනයක්….)

Facebook Post

No comments

Powered by Blogger.