Header Ads

ලංකාවේ බදු ගැසිය යුත්තේ තුනපහ ගොට්ටටද..?

 ලොව දියුණු නොදියුණු බොහෝ රටවල තිරශාර බදු ප්‍රතිපත්තියක් ඇත.රටක් ඉදිරියට ගෙන යාමට රටේ සුභසාධනයට ජනතාව විසින් රජයට ලබාදෙන බදු රටක ආර්ථිකයේ ඉතා වැදගත් කොටසක් ඉටු කරනු ලබයි. නමුත් ලංකාව වැනි ණය ලබාගෙන ඒ ණයම කමින් ජීවත්වන පසුගාමී ආර්ථිකයක් හිමි රටක බදු පනවා ඇත්තේ කාටද ?

ලෝකයේ බොහෝ රටවල අත්‍යාවශ්‍ය ආහාර සඳහා බදු පවන්නේ නැති තරම්ය. එවැනි රටවල පාන් හාල් පාන්පිටි අල මස් කිරි වැනි ආහාර වර්ග වල මිළ ගණන් බොහෝ කලක සිට ඉතා සුළු වෙනස්කම් පමණක් සිදුව ඇත. මන්ද බදු අයකර ගැනීම සිදුවන්නේ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මත වක්‍රාකාරයෙන් බදු පනවා නොව සෘජු බදු ආකාරයෙනි. මා සේවය කරන රටේ උපයන වැටුපෙන් 30% ක් අප රජයට බදු වශයෙන් ගෙවිය යුතුය. එම බදු මුදල් නිසියාකාරව සමාජයේ පොදු යහපත උදෙසා වියදම් කරනු ලබයි.

නමුත් ලංකාවේ ඇත්ත ඇතිසැටියෙන් බදු මුදල් ගෙවන්නේ කවුරුන්ද. අප කන බත් පතට සියළු දෙනාම රජයට බදු ගෙවන අතර පොදු ජනයා නිවැරදි ලෙස සෘජු හා වක්‍රාකාරයෙන් රජය නඩත්තු කිරීම සඳහා බදු ගෙවයි. එමෙන්ම පිටරට දහදුක් විඳිමින් රටේ විදේශ විනිමය උපද්දන අපේම මිනිසුන් ලංකාවට මුදල් එවීමේදීද අකුරටම බදු ගෙවනු ලබයි.මෙවැනි බදු ගෙවීම් සිය ගනනක් වුවද ලිවිය හැක. මේ ආකාරයෙන් නිසි ලෙස බදු ගෙවන්නෝ පහළ ආදායම්ලාභින් විම පමණක් කණගාටුවට කරුණකි. ඔවුන් එසේ බදු ගෙවන විට රටේ ඉහළම ආදායම් ලබන දේශපාළුවන් පුද්ගලික සේවයේ යෙදෙන දොස්තරලා පෙරකදෝරුවන් මහාපරිමාණ ටියුෂන් ගුරුන් මැණික් හා මාළු මුදලාලිලා තැරැව්කරුවන් හා ජාවාරම්කරුවන් ඇතුළු පිරිස් සියළුම ගණුදෙනු බොහෝ දුරට කෙරෙන්නෙ කට වචනයෙනි.එහි බොහෝ දුරට ලිඛිත ගණුදෙනු ඇත්තේම නැති තරම්ය. එසේ කරනවා නම් එය සිදු වන්නේ බදු උපදේශකයින්ගේ සටකපට උපදෙස් මතය. රටට අත්විය යුතු මහා පරිමාණ බදු ආදායමක් මෙම පිරිස අතරින් මග හැරේ. එහෙත් කිසිදු රජයකින් මෙම පැතිකඩ දෙස අවදානය යොමුවී නැත. බදු අය කරගත යුත්තේ මහා පරිමාණ ගණුදෙනු සිදු කරන්නන්ගෙන් පමණක් නොව සුළු ව්‍යවසායන් පවත්වාගෙන යන අයගෙන්ද ආදායමට සරිලන බද්දක් අයකර ගත යුතුය. (උදාහරණ ලෙස කුඩා පරිමාණ හෝටල් ආපනශාලා සැලෝන් රෑපලාවන්‍යාගාර ටැක්සි ටේලර්සාප්පු වැනිදේ ) මෙවැනි පුද්ගලයින්ගෙන් හා ස්ථාන වලින් නිසි ලෙස බදු පවරා ගන්නේ නම් ජනතාවගේ බත්පත මුල් කරගෙන බදු පනවමින් බඩ පොත්ත පිටට ඇළුනු මිනිසුන්ටම පීඩනය මුදා හැරීමට සිදු නොවනු ඇත.

Rohana Wijeweera ෆේස්ඉුක් පිටුවෙන්

No comments

Powered by Blogger.