Header Ads

වන්නි ප්‍රදේශය ශ්‍රී ලංකාව. 2001 අප්‍රේල්

''අවංකව මාධ්‍යට ලියන කෙනෙක් ගැන ඔබට තියෙන්නෙ කීර්තිමත් නමක් මිස් කොල්වින්. ඔබ තුමිය කියන දෙයක් ලෝකයා අහනව. අපි බලාපොරෙත්තු වෙනව ඔබතුමිය ලෝකයට කියයි කියල ශ්‍රී ලංකා ආණ්ඩුව දෙමළ ඡනතාවට කරන පීඩාව හා අසාධාරණය ගැන. ඒ වගේම LTTE සංවිධානය ඉන්නෙ දේශපාලන එකගත්වයකට කැමත්තෙන් බව. අපි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ සිංහල ඡනතාවට වගේම දෙමළ ඡනතාවටත් සමාන අයිතිවාසිකම්.''
'' මට ඒක කරන්න බෑ මිස්ට තමිල් චෙල්වම් ''
'' එහෙනන් ඔබතුමිය මොකටද මෙහාට ආවෙි ? ''
''මෙි බලන්න මට ඒව හරි ගස්සන්නබෑ. යමෙකුට අයිතිවාසිකම් නෑ කියනදේ මෙි ආන්ඩුවේම වරදක් නෙවි. ඔබෙි රටෙි යටත් විඡිත පාලන කාලෙ ඉදන් ඒක පැවත එන්නක්. මම මෙහාට ආවෙ මෙහේ ඉන්න මිනිස්සු හාමතේදැයි හොයන්න. තවත් කොටසක් ලෙඩ රෝගවලින් මියයනවද බලන්න. පොඩි දරුවො හාමතේ මිය යනවද බලන්න. ඒ වගේම ඔබ දන්නව තමිල් චෙල්වම් මහත්මයා ශ්‍රී ලංකා ආණ්ඩුව යුධ කලාපයට ලැබෙන ඡාත්‍යණ්තර ආධාර සීමා කරලයි තියෙන්නෙ. නමුත් ඒ ලැබෙන පොඩ්ඩත් ඔබෙි සංවිධානය හොරකම් කරනවද කියල හොයන්න.''

මෙිරි ‍‍කොල්වින්ගේ ඒ වචන පෙලින් තමිල් චෙල්වම් ඇය ගැන මවාගෙන තිබූ ප්‍රතිරූපය උඩියටිකුරු වන අයුරු ඇයට පෙනුනේ නැත. එමෙන්ම එය එසේ වුවත් ඇයට එය මහා ලොකු දෙයක් නොවෙි. ඒත් ඒකෙ ප්‍රතිපලය වුනේ ශ්‍රී ලංකා ආණ්ඩුවට හොරෙන් සහ දැඩි ආරක්ෂාව මධ්‍යයේ වන්නියට ගෙන්වා ගත් ඇයව LTTE සංවිධානය විසින් නිසි ආරක්ෂාවක් නොමැතිවම ශ්‍රී ලංකා ආණ්ඩුවෙි පාලන ප්‍රදේශයට හැර ලීමයි. ඇය ඒ වෙලාවෙ අහනව,
‘‘මෙිකද ආරක්ෂාකාරීම මාර්ගය නමුත් මට පේනව මෙික ආරක්ෂාකාරී නැහැ වගේ.‘‘
එවිට LTTE සාමඡිකයන් උත්තර දෙන්නෙ, ‘‘වෙන්න පුලුවන් නමුත් මෙික තමයි යන්න පුලුවන් එකම පාර ‘‘ කියල.

එහෙත් ඇයව එක්කන් යන්නෙ මහ රාත්‍රියේ එලිමහන් බිමක. විවෘතව ශ්‍රී ලංකා හමුදාවෙි කටටම. අදුර විනිවිදමින් ආපු යුධ හමුදා ස්නයිපර් උණ්ඩයකින් ඇය දඩාස් ගාල බිම වැටෙනකොටම එල් ටීටීඊ සාමාඡිකයන් ඇයව අත්ඇරල දුවනව.. නමුත් දෛවය ඇයට ඡිවිතය අහිමි නොකර එක් ඇසක් විතරක් අහිමි කරනව. තමිල් චෙල්වම් බොහෝ දුරට අපේක්ෂා කරන්න ඇත්තෙ මෙි ඡාත්‍යන්තර මාධ්‍ය වෙිදිනිය ශ්‍රී ලංකා හමුදාව අතින් මිය යා යුතුයි කියල වෙන්නත් ඇති. ඡාත්‍යන්තරව එයින් ශ්‍රී ලංකාව ලබන අප්‍රසාදය ඔහු බලාපොරෙත්තුවෙන් ඉන්න ඇති.. කො‍‍හොම නමුත් මෙි නිර්භිත මාධ්‍යවේදිනිය සිරියාවෙි යුධ වාර්තාකරනයෙදි වෙඩි වැදිල 2012 ඡනවාරි 12 මිය යනව.
===============================
උපුටනය Matthew Heineman ගේ A Private War
Rohana Wijeweera ෆේස්ඉුක් පිටුවෙන්

No comments

Powered by Blogger.