Header Ads

කඳ නැති හිසක පිංතූරයේ මගේ කතාව - අනුරුද්ධ ලොකුහපුආරච්චි

ඒ 1993 මැයි 1 වනදාය. සතියකට අධික කාලයක් රෑ දහවල නොකඩවා සේවය කිරීමට සිදුවීම නිසා මා දැඩි ලෙස වෙහෙසට පත්ව සිටියෙමි. බොහෝ රාත්‍රියන්හි පැය කීපයක් පමණක් නිදාගැනීමට සිදුවූවේද ජෝර්ජ් ස්ටුවර්ට් ගොඩනැගිල්ලේ තිබූ රොයිටර් ප්‍රවෘත්ති සේවා කාර්යාලයේ සෝපාව මතය. දින හතේම පැය විසිහතරේ ඕනම මොහොතක සේවයට පැමිණීම මා රොයිටර් පුවෘත්ති සේවයට එක් වීමේදි එකඟ වූ සේවා ගිවිසුමේ එක් කොන්දේසියකි. (ඉන් පසුව මගේ විවාහ දිනය ඇතුළුව වසර හතක් යන තුරු, මා එකම නිවාඩුවක්වත් ලබා නොගෙන වැඩකර තිබුනෙමි.)

මැයි 1 දාට පෙර සතිය අපෙු්ල් 23 වන දිනය එතෙක් වසර හතක් පුරා පෙු්ම වන්තයින් ලෙස ගත කල සුජීත් මමත් පුංචි උත්සවයක් පවත්වා විවාහ වූ දිනය විය. එයට Sunday Times හි මගේ සමකාළීණ වෘත්තීය සගයින් සහ Reuters හි කාර්ය මණ්ඩලයද සහබාගි වූ අතර මනමාලයගෙ මිතුරා ලෙස හිටියේ තවමත් මා සමග ජීවිතය පිටිපස හෙවනැල්ලක් වගේ ඉන්නෙ මගේ පත්තර සගයකු වන නිරේෂ් එලියතම්බිය.
හෝටලයේ ගත කල ඒ හනිමුන් රාතුියෙන් පසුදින උදේ අවදි වූ මා එතෙක් නිහඬ කර තිබූ පේජර් යන්ත්‍රය පරික්ෂා කිරීමේදි රැය පුරා එහි පටිගතව තිබූ පණිවිඩ 53 කි. ඒ සියල්ලෙන් කියැවුනේ ලලිත් ඇතුලත්ලත්මුදලි වෙඩි තබා ඝාතනය කර ඇති බවය. වහා බිරිඳ සුජීව අවදිකර උදේ ආහාරය ගෙන ඇයව රාගම මගේ දෙමාපියන්ගේ නිවසට ඇරලවා මා නැවත වහාම කාර්යාලයට පැමිණියෙමි.
ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාව ඝාතනය කල බාබු නම් වූ මරාගෙන මැරුන බෝම්බකරුගේ හිස ජීප් රථයේ තබන පොලිස් නිළධාරියා. 1993 මැයි 1 කොළඹ ආමර් වීදිය.

ඇතුලත්මුදලි ඝාතනය සිංහල සමාජයත් ලාංකීය දේශපාලනයත් එකවිට දෙදරවීය. අප්‍රේල් 24 වන දින රාත්‍රී අටයි දහයට පමණ කිරුලපණයේදි සිදුවූ එම ඝාතනයේ වගකීම පසු කලක අප්පයාහ් බාලක්‍රිෂ්ණන් හෝ රඝුනාදන් නම් එල් ටී ටී යට සම්බන්ධයි පොලීසිය පුකාශ කල දෙමළ ජාතික තරැණයකු මත පැවරිනි. ඒ වන විටත් ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක දෙපල සහ එක්සත් ජාතික පෙරමුණ නිර්මාණය කරමින් ප්‍රේමදාසගේ දේශපාලන බලයට තර්ජණයක් වෙමින් සිටියේය. මේ හේතුව මත ඔවුන්ගේ නව පක්ෂයට සහයෝගය දක්වන්නට පහර දීමට වෙනම කණ්ඩායමක් ජනාධිපති මන්දීරයේ අනුදැනුමෙන් සූදානම්කර තිබුනි. සොත්ති උපාලිගේ පුධානත්වයෙන් වූ මේ පාතාලයන් විසින් 1991 නොවැම්බර් 2 වන දා පන්නලදිත්, 1992 අප්‍රේල් 24 වන දින මඩපාතදිත්, 1992 අගෝස්තු 7 වන දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේදිත්, 1992 අගෝස්තු 29 වන දින දෙහිවලදිත් ලලිත් සහ ගාමිණිටත් ඔවුන්ගේ ආධාර කරුවන්ට සහ එය අනාවරණය කරමින් යිටි මාධ්‍ය සහ ප්‍රවෟත්ති චායාරූශිල්පීන්ටත් පහර දුන් අතර සියළු කැමරා උපකරණ කඩාබිඳ හෝ පැහැරගෙන ගියේය. කොටුව සිදුවීම වන විට මමද එහි සිටි අතර මුල් අවස්ථාවේම පසෙක සිට ප්‍රහාරය චායාරූප ගත කරන්න මට හැකි විය. එහෙත් පුහාරය එල්ල කර පලා යමින් සිටි එක් අයෙකුගේ ඇසට මාව හසුවිය. මා වෙත දිව ආ ඔහු එතෙක් මගෙ අතේ හිර කරගෙන තිබූ කැමරාව රැගෙන ගියෙ මගේ අතේ ඇඟිල්ලක්ද පිහියකින් කපමින්ය.
යුක්තියේ, සීතා රංජනීගෙ වචන අතර මාව තැබූ ගැමුණු අමරසිංහ ගත් පිංතූරය.

එම සිදුවීමෙන් මාස කීපයකට පසු මා නිවසේ සිටි ඉරිදාවක ත්‍රීවීල් රථයක් නතර විය. එයින් බැස ආවෙ ආනන්දයේ පහේ පංතියේ සිටම මා සමග ඉතා කිට්ටුවෙන් පාසල් සගයෙකි. කළු කොට සිරුරක් සහිත පිලිවලක් නැතිව මූනට වැටුන කොණඩයක් සහිත ඔහුව පාසල් කාලයෙන් පසු නැවත මගේ ගේ ඉදිරියේ දකින්න ලැබීම මට විශ්මයක් වුවත් මම ඔහුව පහසුවෙන් හැඳිනුවෙමි. ආනන්දයේ පහේ පන්තියට ඔහුව ඇතුලත් කිරීමට මාතර සිට කොළඹ පැමිණි ඔහුගේ දෙමාපියෝ තිඹිරිගස්යාය මන්සංධියේ " මාතර කඩේ" නමින් කඩයක් පවත්වා ගෙන ගිය අතර ඔහු එකල ආනන්දයට ආවෙ එහි සිටය. පී වයි කේ රංජිත් නම් වූ ඔහුට පාසලේදි අප ඇමතුවේ පී වයි කේ යනුවෙනි.( මගේ පාසැල් සගයන්ට දැන් මතක ඇති) නිවසට ඇතුල් වූ විගස මගේ විශ්මය පුකාශ කරන්නත් පෙර ඔහු මගෙන් සමාව අයදින්න විය. ව්‍යාකූල වූ මට කිසිවක් අවබෝකරගත නොහැකි විය. ඔහුට වාඩි වීමට සලස්වා බිරිඳට බීමට යමක් ගේන ලෙස දන්වා මා ඔහුගේන් සමාව ඉල්ලන්නෙ ඇයි කියා ඇසුවෙමි. "උඹලට එදා ගහන එකට මමත් ආව පත්තරවල උ⁣ඹේ නම තියෙනව දැක්කමයි මම දන්නෙ උඹත් එතන හිටිය කියල, උඹෙත් කැමරාව නැතිවුනානෙ මම සල්ලි දෙන්නම් කැමරාවක් ගන්න." ඒ ඔහුගේ උත්තරය විය.
පසුව ඔහු විස්තර කල ආකාරයට පහරදී අපෙන් පැහැරගන්නා කැමරා උපකරණ සොත්ති උපාලිත් සමග ගොස් සිරිසේන කුරේට බාර දී ඇත.
පුවත්පත් චායාරූප ශිල්පීන්ව හඹායන ප්‍රේමදාසගේ පොලිසිය
 මා එකල චායාරූප ගත කල අයුරු, දිවයිනේ.

ලලිත් ඇතුලත්මුදලි ඝාතනය ඉන් දශක දෙකකට පමණ පසු සිදුවූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට බොහෝ දුරට සමාන බව කාරණා තුනක් නිසා මම විශ්වාස කරමි. මේ ඝාතන දෙකම සිදුවන්නේ රටේ නායකයාට හෝ නායකයා වීමට බලාඉන්න පුද්ගලයාගෙ දේශපාලන ජීවිතය අභියෝගයට ලක්වන අවස්ථාවේදි වන අතර මේ ඝාතන දෙකම ඉතා පහසුවෙන් එල් ටී ටී ගිණුමට බැර වූ අතර ඝාතන ක්‍රියාවළිය පිළිබඳ පරීක්ෂණ වල පැහැදිලිවම නොසලකා හැරීම්, සැලසුම් සහගත වැරදීම් සහ අථාර්තික කාරණා ඇතුලත්වීම. එක එල්ලේම කියනවනම් මේ ඝාතන දෙකේ ලාබය බුක්ති වින්දෙ එල් ටී ටීයට වඩා ප්‍රේමදාස සහ රාජපක්ෂ දෙපලය. දේශපාලන වුවමනා එපාකම් කරවා ගැනීම සඳහා ත්‍රස්තවාදින්ව පාවිච්චි කල හැකි තවදුරටත් ලෝක දේශපාලනයේ රහසක් නොවන අතර එය ලාංකීය දේශපාලනයට ආදේශ නොවන්නේයයි කියන්න තරම් සුපිරිසුදු දේශපාලනයක් අපට නැත.

කෙසේ හෝ ඇතුලත්මුදලි ඝාතනයත් සමග වූ සමාජ හා දේශපාලන ව්‍යාකූලත්වය මගේ පවුල් ජීවත ආරම්බය පැය 24 කට කෙටි කල අතර එය රොයිටර් පුවෟත්ති සේවයට මගේ සේවය අත්‍යවශ්‍ය වූ දිනගනණාවක් විය. ඇතුලත්මුදලිගේ අවසාන කටයුතු පෙු්මදාසට විරුද්ධ මතවාදයක් සහිත විසාල ජන සහබාගිත්වයක් මැද සිදුවූ අතර විසාල පොලිස් හමුදාවක් සහ හෙළිකොප්ටර් යොදවා මළපෙරහැරට කඳුළු ගෑස් ජලයගැසීමෙන් සහබාගි වූ ජනතාවගේ විරෝධය පාලනය කිරීමට රජය උත්සාහ කෙරීය. එකල ඇස්මෙන් සහ ඉරුවාරදයෙන් පෙලෙමින් සිටි මට පොලිස් කඳුළුගෑස් සහ ජලප්‍රහාර දැඩි ශාරීරික පීඩාවක් ඇති කලේය.

එවකට හොංකොංහි තිබූ රොයිටර් ආසියානු පුවෟත්ති චායාරූප කතෟමණ්ඩල කාර්ය්‍යාලය එක දිගටම මගෙන් ලංකාවේ චායාරූප ඉල්ලන බැවින් ඒ කාලයේ තිබූ චායාරූප සහ චායාරූප සංනිවේදන තාක්ෂණයට අනුව චායාරූප ගැනීමෙන් පසු දළසේයා පට විකාශය කර මුදුණයකර එය දුරකථණය මාර්ගයෙන් හොංකොං වෙත හෝ ලංඩනය වෙත සම්පෙු්ශණය කිරීමට යන පැය දෙකක පමණ කාලයට වඩා අඩු කාලපරාසයක් තුල සිදුවීම් වීමත් නිසා මම ඒ වනවිට දැඩි ආතතියෙන් පසුවුනෙමි.

ඒ සිදුවීම් වලින් පසුව, මැයි පලවන දින පැවත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ මැයි රැළියේදී ජනාධිපති ආර් ප්‍රේමදාස විසින් විශේෂ පුකාශයක් නිකුත් කරනු ඇතිබවට රජයේ ප්‍රවෟත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කල අතර එහිදී ජනාධිපතිවරයා විසින් ඇතුලත්මුදලි ඝාතකයා පිළිබඳ සඳහනක් කරනු ඇතැයි රජයට පක්ෂපාත පුවත් ඉඟි කලේය. මේ පසුබිම තුල මැයි 1 පුකාශය දෙස දේශීය සහ විදේශීය මාධ්‍ය අවධාණය යොමුව තිබුණි.

එදින කොටහේනෙ මැයි පෙලපාලිය ආරම්බ කරන පෙදෙසට යනවිට මගේ හිතේ ග්‍රහණය කරගත යුතු පුධාන චායාරූප දෙකක් මගේ සිතේ සනිටුවහන් වී තිබුණි. එකක් ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රකාශය කරන අතර ඔහුගේ මුහනේ ඉරියව් සහ දෙවැන්න සිරිසේන කුරේ සහ ජනාධිපතිවරයා එකට සිටින අවස්ථාවක්ය. පෙු්මදාසගේ සියළු රහසිගත කුණු වැඩ කරන්නේ කුරේ විසින් බව ඒ වන විට පුසිද්ධ කරුණකි. ඒ සඳහා බොහෝ විට සිරිසේන කුරේ විසින් කෙහෙලවත්තෙ සොත්ති උපාලිගේ පාතාල කණ්ඩාම යොදවා ගන්නා බව ඒ වන විට පුද්ගලිකවම මම දැන සිටියෙමි. කෙසේ වෙතත් මැයි පෙලපාලියේ ආරම්ක ස්ථානයට මම යාමට පෙර දහවල් 12.45 පමණ පෙර ජනාධිපතිවරයා සිටි ස්ථානයේ බෝම්බය පුපුරා ගියේය. පිපිරීම් හඬත් සමග සිදුවන්නේ කුමක්දැයි මට අවබෝධවිය. මා ඉදිරියෙන් එතෙක් මා පසුකර ඉදිරියට යමින් සිටි මිනිසුන් ආපසු මා පසුකර පිටිපස්සට දුවන්න පටන් ගත් අතර මම ඒ සෙනග මැද්දෙන් ඉදිරයට යන්න උත්සාහ කෙරුවෙමි. අවසානයේ මා සිටි ස්ථානයේ පාර හිස් වූ අතර පාර මැද හිසක් පමණක් තිබුණි. ඒ වනවිට ලබා තිබූ අත් දැකීම් මත හිසේ අයිතිකරු විය හැක්කේ කවුද මට සිතාගත හැකි විය. ඒ නිසා ප්‍රසිද්ධ කිරීමට වඩාත් ගැලපෙන චායාරූපයකට අවස්ථාවක් එන තුරු මා එතනම රැඳී සිටියෙමි. මොහතකට පසු එතනට ආ තරුණ පොලිස් නිලධාරියෙක් වැටී තිබූ හිස අහුලා එහි මුහණ දෙස පරීක්ෂාවෙන් බලා ජීප් රථයේ පිටුපසින් තැබීය. ඒ මම ග්‍රහණය කළයුතු වූ චායාරූපමය අවස්ථාව විය.
යුක්තියේ සීතා රංජනී ලියූ කාසියේ පිංතුරෙ ගැන කතාව

මා සිතූ පරිදි එම හිස බෝම්බකරුගේ වූ අතර පසුව හෙළිදරව් වූ කරුණු අනුව ඔහු වසර හතරක් පුරා පෙු්මදාසගේ විස්වාසවන්ත කාර්ය මණ්ඩලයේ රැඳි සිටි බාබු නම් ද්විත්ව ඔත්තුකරවෙකු ලෙස සිටිමින් ප්‍රේමදාසගේ විශ්වාසය දිනාගත් එල් ටී ටී මරාගෙන මැරෙන සටන් කරුවෙකි. මගේ චායාරූපය ප්‍රසිද්ධ කිරීම ලංකාවෙ පුවත් පත් ප්‍රතික්ශේප කල අතර විදේශ පුවත් පත් එය පල කල පසු මැයි 2 දින එන්ගලංතනයේ The Independent පුවත් පතේ පලවූ එම චායාරූපය සහිත ප්‍රවෟත්තිය පදනම් කර ගනිමින් මැයි 5 දින එවකට පලවූ සමුදුර නම් විකල්ප පුවත්පත එය පලකලේය.

ලංකාවට ගම් උදා සංකල්පය හඳුන්වාදෙමින් ලක්ෂ ගනන් නිවාස නැති අයට නිවාස හදා දුන් ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟළුම් කර්මාණ්තය රට පුරා ව්‍යාප්ත කරමින් නව රැකියා අවස්ථා බිහිකෙරූ අතර පාදඩ දේශපාලනය සමාජ ගත කරමින් තම පැවැත්ම උදෙසා එල් ටී ටීය පෝෂණය කරමින් ඔවුන් සමග සහවාහසයෙන් සිටීමට උත්සාහ කලත් දෙමළ ජාතික අරගලයට විසඳීම් සෙවීමට අවබෝධයක් නොතිබිනි. පසුව එයම ඔහුගේ විනාශය බවට පත් කර ගත්තේ තවත් තවත් දශක කීපයකට එය ඉතිරි කරමිනි.
_
අනුරුද්ධ ලොකුහපුආරච්චි

No comments

Powered by Blogger.