Open top menu

අපේ කාලයේ මහා පුරුෂයෙක් නික්ම ගියේය. ඔහු ගැන නොයෙක් වර්ණනා, ඇගයීම්, විවේචන සිදු වී ද සිදු වෙමින් ද තිබේ. ලංකාවේ නැති වුවත්, මැන්ඩෙලාගේ ජීවිතය අපේ කාලයට ගළපා ගන්නේ කෙලෙසදැ’යි සෞඛ්‍යමත් සංවාද ලෝකයේ බොහෝ ජනමාධ්‍යවල තවමත් නොකඩවා සිදු වෙයි. ඒ සියල්ලෙන් පෙනෙන්නේ ඔහු තමා ජීවත් වූ ලෝකයට බොහෝ දේ තබා ගිය බව ය.

එවැනි එක් දෙයක් පමණක් කියමු. නිසි කලට, ලෝභකම මසුරුකම නැතිව අතහැර යෑම ය. මැන්ඩෙලා, දකුණු අප‍්‍රිකාවට පියෙක් බඳු විය. ඔහුට ‘මඩිබා’ කීවේ ඒ නිසා ය. තමාගේ ‘සුදු’ ශරීරාරක්‍ෂකයකු ‘ඔබේ පවුල කොහොමදැ’යි මැන්ඩෙලාගෙන් ඇසූ වේලාවක ‘මට තියෙනවා ඉතා විශාල පවුලක්. මිලියන හතළිස් දෙකකැ’යි මැන්ඩෙලා කීවේ ය. එහෙත් ඔහු පුහු ආඩම්බරකාර තාත්තා කෙනෙක් නොවූයේ ය. වගකීමක් සහිත පියෙක් විය. ඒ මිලියන හතළිස් දෙකක ජනතාව කළු සුදු, ගැහැනු පිරිමි වෙනසක් නොබලා ආදරයෙන් රැුක බලා ගැනීමේ මහත් වූ වගකීමක් ඔහු තම උර මත තබා ගත්තේ ය. එය වේදිකාවල කියන ඉච්ඡුා බස්වලට සීමාවූ වගකීමක් නොවී ය. හුදු හමේ වර්ණය මත ම විරසක ව, භේද භින්න වී, අනෙකා විනාශ කළ යුතු සතුරකු ලෙස දකිමින් සිටි වර්ග දෙකක ජනතාවක් එක් ජාතියක් බවට පත්කිරීමේ වගකීම ඔහු භාරගත්තේ ය. ඒ සඳහා අවිහිංසාවේ, සමාව දීමේ, ඉවසීමේ, පිළිගැනීමේ, ගෞරව කිරීමේ උපක‍්‍රම යොදාගත්තේ ය. කී‍්‍රඩාව යොදා ගත්තේ ය. ඔහු සංහිඳියාව ඇරඹුවේ තමා වෙතිනි. හිටපු සුදු ජනාධිපති පී. ඩබ්ලිව්. බෝතාගේ ශරීරාරක්‍ෂකයන් වූ සුදු නිලධාරීන් ඔහු තම ශරීරාරක්‍ෂකයන් ලෙස ද කැඳවූයේ ය. සැකය වෙනුවට විශ්වාසයෙන් ඔවුන් ඇසුරු කළේ ය. පිටු දකිනු වෙනුවට ඇතුළු කරගත්තේ ය. මුළු රට පුරාම ඔහු පවත්වාගෙන ගිය අනභිභවනීය ප‍්‍රතිපත්තිය ද එයයි.

රටේ සාතිශය බහුතරයේ නායකයා වූ ඔහුට සුළුතරයක් වූ සුදු ජනතාව පහසුවෙන්ම පිටුදකින්නට, පෙළන්නට හැකියාව තිබිණ. එවැන්නක් කළේ නම්, සිම්බාබ්වේහි මෙන් එකහෙළා ඔහු අනුමත කරන සුවිශාල කළු ජනතාවක් දකුණු අප‍්‍රිකාවේ සිටිය හ. ඔහු වෛරී කතා කීවේ නම්, ඒවා ක්‍ෂණයකින් වෛරී, විනාශකාරී ක‍්‍රියා බවට පෙරළා ගන්නට බලා සිටින ආවේගශීලී කළු ජනතාවක් දකුණු අප‍්‍රිකාවේ සිටිය හ. කළ යුතුව තිබුණේ ගිනි පුලිඟුවක් විසිකිරීම පමණෙකි. එහෙත් ඔහු ඒ කිසිවක් නොකළේය. තමා කළු ජනතාවගේ මෙන් ම සුදු ජනතාවගේ ද මඩිබා බව ඒ සියල්ලන්ට ම වෙනසක් නැති ව හැෙඟන්නට දැනෙන්නට අත්විඳින්නට ඉඩ හැරියේ ය.

ඔහු විමුක්තිය ලබාදුන්නේ ජීවිත කාලයක් තිස්සේ මිනිසුන් නොව දේවල් බවට පත්කොට තිබූ ජනතාවකට ය. සුළුතර සුදු ආධිපත්‍යය යටතේ බහුතර කළු ජාතිකයෝ සිටියෝ මිනිසුන් ලෙස නොව දේවල් හැටියට ය. ඔහුත් ඔහුගේ දූරදර්ශී සගයෝත් ඒ ජනතාව ඒ ඉරණමෙන් ගලවා ගත්තෝ ය. ඒ කළ දෙයින් ලැබෙන මහා ජන අනුමැතිය යොදා ගෙන මුළු ජීවිත කාලය පුරා ම රටේ යාවජීව නායකයා ලෙස සිටින්නට අවශ්‍ය නම් ඒ සඳහා ඔහුට හොඳාකාරවම ඉඩ තිබිණි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන’වුත් මැන්ඩෙලා යාවජීව ජනාධිපතියැ’යි නීතිගත කරන්නට සූදානම් වූයේ නම් ඊට විරුද්ධ වන කිසිවෙකු දකුණු අපි‍්‍රකාවේ නොසිටින්නට ඉඩ තිබිණ. එහෙත් ඒ වෙනුවට ඔහු ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්ථයෙන් වඩාත් ම දියුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට ජීවය දුන්නේ ය. තම ධුර කාලය තුළ තමාගේ සියලූ නෑහිතවතුන් ආණ්ඩුවේ වැදගත් ස්ථානවලට පත්කොට ගෙන එකම පවුල් පාලනයක් ගෙනයන්නට ඔහුට හැකියාව ද තිබිණ. ඒ සඳහා ගැළපෙන විශාල පවුලක් ද ඔහුට තිබිණ. සුදු ජාතිකයන්ගේ ඉඩම්වලින් ඔවුන් පලවා හැර, ඒවා රජයට ගෙන සිය ආධිපත්‍යය යටතේ පිහිටුවන්නට ඔහුට හැකියාව තිබිණ. එහෙත් ඔහු ඒ කිසිත් නොකළේය.

අඩු ගණනේ දෙවැනි ධුර කාලයක් වත් බලයේ නොරැඳී ලෝභ නැති ව වෙනසට මුල පුරා නික්ම ගියේ ය. මැන්ඩෙලා කියන නම කෙතරම් විශාලදැ’යි අපට දැනෙන්නේ අපේ නායකයන් ගැන සිතද්දී ය.

ර්ඩ්හ්-

දකුණු අප‍්‍රිකානු මාධ්‍යවේදියකුගේ මතකය

මාලිනී ගෝවින්නගේ 
බෙන්ජමින් පෝග‍්‍රන්ඩි දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදය ඉතා දරුණු ලෙස ක‍්‍රියාත්මක වූ අවධියේදී, එරට ප‍්‍රධානතම පුවත්පත වූ රැන්ඞ් ඬේලි මේල් පුවත්පතේ වාර්තාකරුවකු ලෙස කටයුතු කළේය. වර්ණභේදවාදයට එරෙහිව පුවත් හා ලිපි සැපයීම නිසා 1985 දී පුවත්පත වසා දැමිණි. ඉන්පසු බි‍්‍රතාන්‍යයට ගිය ඔහු එහි, ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ විදේශ කටයුතු භාර උපකතෘවරයා විය. දැන් ඔහු ලන්ඩන් සන්ඬේ ටයිම්ස් පුවත්පතේ දකුණු අප‍්‍රිකාව භාර වාර්තාකරු ලෙස කටයුතු කරයි. 

දකුණු අප‍්‍රිකාව තුළ තමා ගෙවූ මාධ්‍ය ජීවිතය පිළිබඳව War of Words නමින් ඔහු පොතක් ලියුවේය. පුවත්පත් වාර්තාකරුවකු ලෙස නෙල්සන් මැන්ඩෙලා ඇතුළු අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රස් පක්‍ෂයේ නායකයන් ඇසුරු කළ ඔහු මෙම පොතෙහි, වර්ණභේදවාදී දකුණු අප‍්‍රිකාවේ පැවති ම්ලේච්ඡු දේශපාලනය පිළිබඳවද, මාධ්‍ය මර්දනය පිළිබඳවද දීර්ඝ ලෙස විස්තර කරයි. 

War of Words කෘතියේ ඇතැම් කරුණු මේ ලිපිය ලිවීමේදී උපයෝගී කරගන්නා ලදි.

රෑන්ඞ් ඬේලි කළු මිනිසුන් අතර ජනපි‍්‍රය වූ පුවත්පතක් බවට පත්ව තිබිණි. ඊට ප‍්‍රධාන වශයෙන්ම බලපෑවේ 1958 පුවත්පතේ කතෘ පදවියට පත් වූ ඔවෙන් වයින් ගන්දාර් ගවේෂණ පුවත්පත් කලාව පුවත්පතට හඳුන්වා දීමයි. ඒ දක්වා පුත්පතේ පළවුයේ සොරකම්, මිනීමැරුම්, අපරාධ පිළිබඳ පොලිස් වාර්තා පමණි. ඒවා ගැන සොයා බලා වාර්තා කිරීමක් සිදු නොවීය. ගන්දාර් මේ තත්වය වෙනස් කළේය. ස්වදේශී යන අරුත් දෙන භ්එසඩැි වචනය වෙනුවට ්රෙසජ්බි (අප‍්‍රිකානු) වචනය පුවත්පත් වාර්තාකරණයේදී භාවිතය අරඹන ලද්දේ ගන්දාර් විසිනි. 

මැන්ඩෙලාගේ ජීවිතයෙහි, විශාල ප‍්‍රදේශයක ඔහුගේ දෙවන බිරිඳ විනී සිටින බව පෝග‍්‍රන්ඞ් පවසයි. එමෙන්ම යම්කිසි දිනෙක මේ දෙදෙනාගේ ජීවිතය ඇසුරෙන් ඔපෙරාවක් ලියවෙනු ඇතැ’යි ඔහු සඳහන් කරන්නේ, ඔවුන්ගේ කතාව තුළ මනුෂ්‍යයාගේ සද්චර්යාවෙහි සිට අපචර්යාව දක්වා සියලූ හැසිරීම් අතිශය පැහැදිලිව අඩංගු වීමයි. ආදරය, අචලත්වය, කැපකිරීම, ධෛර්ය මෙන්ම චපලත්වයද අධික ගිජු බව නින්දා අපහාස මනුෂ්‍ය ඝාතන යන මේ සියලූ දෑ ඇතුළත් එය දුක්ඛාන්තයක්යැ’යි ඔහු කියයි. 

එක්දහස් නවසිය හැට හා හැත්තෑව දශකවලදී නෙල්සන් මැන්ඩෙලා දකුණු අප‍්‍රිකාව තුළ හෝ ලෝකයේ වෙනත් දේශයක, විශාල කතාබහකට ලක්වූ පුද්ගලයෙක් නොවීය. ඔහු සිරගෙදර හුදෙකලාව ජීවිතය ගෙවන අතර විනී මැන්ඩෙලා වර්ණභේදවාදයට එරෙහි සටන අතනෑරියාය. සිය සැමියා මෙන්ම සැමියාගේ නම නොනැසී තබා ගැනීම සඳහා ඇය කළේ ජීවිතයත් මරණයත් අතර අරගලයකි. දශක කිහිපයක් තිස්සේම වර්ණභේදවාදී පොලිසියෙන් වැඩි වෛරයකට ලක්වූ චරිතයක් වූවා නම් ඕ විනී මැන්ඩෙලාය. 

පොලිිසිය ඇයට එරෙහිව නිරතුරුවම තහනම් නියෝග නිකුත් කළේය. ඇය ඇගේ නිවෙසින් ඉතා දුර බ‍්‍රැන්ඞ්ෆෝට් නම් පාළු ශුෂ්ක ගම්මානයට පිටුවහල් කරන ලදි. නඩුවක් නොමැතිව වරින්වර සිරභාරයට ගෙන, හුදෙකලා කුටිවල ඇය සිරකොට තබන ලදි. ත‍්‍රස්තවාදී පනත යටතේ ඉතා සුළු දෙයකට පවා ඇය අත් අඩංගුවට ගැනීමට පොලිසිය පසුබට නොවීය. වරක් ඇයට චෝදනා එල්ල වූයේ පොලිස් නිලධාරියෙකුට පහරදීම නිසාය. ඇගේ නිදන කාමරය තුළට බලහත්කාරයෙන් ඇතුළු වූ පොලිස් නිලධාරියාට තුවාල සිදුවන තුරු ඇය පහර දුන්නාය. විනී කිසිදු රැුකියාවක් සඳහා බඳවා නොගන්නා ලෙස දකුණු අප‍්‍රිකානු ව්‍යාපාරික හාම්පුතුන්ට පොලිසිය විසින් අවවාද කොට තිබිණි. පිටුවහල් කරනු ලැබ සිටියදී ඇයගේ දුක සැප බලන්නට ගිය ඇගේ මිතුරියන් විනී සමග සාකච්ඡා කළේ මොනවාදැයි පොලිසියට හෙළිකිරීම ප‍්‍රතික්ෂේප කළ විට ඔවුහු සිරගත කරන ලදහ. 

විනී මැන්ඩෙලා බ‍්‍ර‍්‍රෑන්ඞ්ෆෝට් වෙත පිටුවහල් කරනු ලැබූ විට, ජොහැන්නස්බර්ග් නුවර සිට ඉඳහිට ඇය දකින්නට ගිය කිහිපදෙනා අතර පෝග‍්‍රන්ඞ් ද සිටියේය. බ‍්‍රැන්ඞ්ෆෝට් පිහිටියේ සුදු ජාතිකයන්ගේ ජනාවාසයකට සැතපුමක් පමණ ඈතින්ය. එහි වූ කාමර දෙකක පුංචිම නිවෙසක ඕ විසුවාය. එය සොවෙටෝ පළාතේ කළු මිනිසුන් විසූ පැල්පත්වලටත් වඩා කුඩා ය. නිවසේ මුල්ලක කුඩා පොත් රාක්කයකි. අවට ළමයින් සඳහා ඇය පුස්තකාලයක් ආරම්භ කොට තිබුණේ එසේය. කතුවරයන්ට අනුව පොත් හඳුනාගැනීම පහසුවනු පිණිස ඉංග‍්‍රීසි හෝඩියේ අකුරු ලියූ කුඩා කොළ කැබලිවලින් රාක්කයේ පොත් වෙන් කොට තිබුණේය. නිවසට යාවූ තවත් කුඩා කාමරයක පළාත භාර පොලිස් නිලධාරියා වාසය කළ අතර නිවෙස ඉදිරිපිට පිහිටියේ ආරක්‍ෂක භටයන්ගේ කුටියයි. නිවෙස වටා කුඩා ඉඩකඩෙහි ඇය මල් සහ බෙහෙත් පැල වැව්වාය. සති කිහිපයක් යන විට ඈ උදාහරණයට ගත් අසල්වැසි නිවැසියෝද සිය ගෙවතු වවන්නට පටන්ගෙන තිබුණු බව පෝග‍්‍රන්ඞ් සඳහන් කරයි. බන්ධානාගාරගතව සිටි සිය සැමියා බැලීම සඳහා ඇය පොලිසියේ අවසර ගත යුතුවිය. මහ මඟ වාහනවල (මෝටර් රථයෙන්) හෝ දුම්රියෙන් ගමන් කිරීම ඇයට තහනම් විය. යා යුතු වූයේ ගමන් ගාස්තුව සඳහා විශාල මුදලක් වැය වූ අහස් යානයෙනි. ඇය පිටත්ව යන කලද, ආපසු පැමිණිවිට ද පොලිසියට වාර්තා කිරීම අනිවාර්ය නියමයක් විය. 

මෙම පීඩනයන්ද, මැන්ඩෙලා නොමැති පාලූවද ඇය අසහනයට පත් කළේය. ‘‘මේ මිනිහා හිරේ ඉඳලා ආවාම මම මොනවද කරන්නේ.... දැන් ඔහු නොවෙයි පක්ෂේ ගෙන යන්නේ මම’’ ඇය පැවසුවේ දකුණු අප‍්‍රිකාවට හා බාහිර ලෝකයට මැන්ඩෙලා අමතක නොවී තබා ගැනීමට ඇය දරමින් සිටි උත්සාහය ඇය පෙළමින් සිටි බැවිනි. 

පෝග‍්‍රන්ඞ් ඉඳහිට නෙල්සන් මැන්ඩෙලාට ලිපි ලීවේය. ඔහු දකින්නට සුදු බලධාරීන්ගෙන් අවසර ඉල්ලූවද නොලැබිණි. මේ අතර එක්දහස් නවසිය අසුපහේ දිනෙක ඔහුට සුදු ආණ්ඩුවේ අධිකරණ ඇමති කොබී කොඑට්සි මුණ ගැසුණේය. 

‘‘අපි කිසිම මාධ්‍යවේදියෙකුට ඔහු බලන්න අවසර දෙන්නෙ නෑ’’ පෝග‍්‍රන්ඞ් ඇමතිවරයාට සිය ඉල්ලීම ඉදිරිපත් කළ විට ඔහුට ලැබුණේ එම පිළිතුරය. ‘‘මාධ්‍යවේදියෙකු විදියට නොවෙයි ඔහුගේ හිතවතෙක් විදියට මට ඔහු බලන්න යන්න අවසර දෙන්න. මට ඒ ගැන ලියන්න උවමනා නෑ.’’ අවසානයේ පෝග‍්‍රන්ඞ් මැන්ඩෙලා මුණ ගැසුණේය. පවුලේ සමීප සාමාජිකයකු නොවන්නෙකුට මැන්ඩෙලා බැලීමට ඉඩ ලැබුණු ප‍්‍රථම අවස්ථාව එයයි. ඔහු එම සිද්ධිය ගැන මෙසේ සටහන් තබයි. 

‘‘සම්මුඛ සාකච්ඡා සඳහාම වෙන්වුණ ලොකු කාමරයක මම වාඩිවෙලා සිටියා. ඉතා ඝනකම් වීදුරුවකට එහා පැත්තෙන් මැන්ඩෙලා ඇවිදගෙන ආවා. දෑත් ඉහළට ඔසවලා මට හලෝ කියලා ආචාර කරද්දී ඔහුගේ හඬ ශබ්ද විකාශන යන්ත‍්‍රයෙන් පිටවුණා. පුරා දශක දෙකක් පමණ තිස්සේ, ප‍්‍රසිද්ධියේ දකින්නට නොලැබුණු මේ උස සෘජු මිනිසා මා ඉදිරියේ සිටගෙන සිටියා. ඔහුගේ රැුලි කොණ්ඩය සුදු සහ අළු පාටට හැරිලා. මා අසාමාන්‍ය, අමතක නොවන අත්දැකීමක් ලබමින් සිටින බව මට හැඟුණා. ඒත් සැබැවින්ම මා ඔහු දකිමින් සිටින්නේද යන්න හරියටම විශ්වාස කළ නොහැකිවයි මා සිටියේ. ඔහු සුදු ටී ෂර්ට් එකකුයි අත් නැති කොළපාට කොට කබායකුයි ඇඳලා හිටියා. එවිට ඔහුගේ වයස අවුරුදු හැට හයක්. ඔහු කෙට්ටු වී හිටියාට කලින් මට මතක තිබුණාට වඩා හොඳ ශක්ති සම්පන්න පෙනුමකින් හිටියේ. මාත් එක්ක සාකච්ඡුා කරන්න උවමනා දේවල් ලැයිස්තුවක් ඔහුු ලියාගෙන තිබුණා. ඔහුගේ දුවණිය සින්සිට කේප් ටවුන්වල ඉගෙන ගන්න කටයුතු සූදානම් කිරීම, ඔහුගේ මුල් විවාහයේ දියණියක වූ මකාසිවේට ඇමරිකාවේ ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් ලබාගන්න කටයුතු කිරීම ගැන ඔහු කතා කළා. සරසවියේ ඉගෙන ගන්න කාලේ හිටි ඔහුගේ මිතුරන් ගැන ඔහු විමසුවා.

නැවතත් තමා අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින බවත් ඔහු හෙළි කළා. ඒ වන විට තවත් දේශපාලන සිරකරුවන් පස්දෙනෙකු ඔහුගේ සිර කුටියේ සිටියා. පාන්දර තුන වන විට අවදි වන ඔහු සිරකුටිය වටේ පැයක් පමණ දිව්වා. මෙය විටෙක ඔහුගේ සගයන්ට බාධාවක් වී තිබුණ බව ඔහුට හැඟුණේ ඔවුන්ට නිදාගන්නට ඉඩදෙන්නැයි ඔහුගෙන් ඔවුන් ඉල්ලා සිටි විටයි. ඉන්පසු ඔහු වෙනත් ශාරීරික අභ්‍යාස; push-ups (පුෂ්-අප්ස්) aerobics (එරොබික්ස්) බර ඉසිලීම් වැනි ශාරීරික අභ්‍යාසවලට යොමු වුණා. ලැබුණු ආහාර හොඳ තත්ත්වයක තිබුණත් ඔහු තමාගේ කෑම පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වුණා. රාත‍්‍රී ආහාරයේ ලැබෙන කුකුල් මස් කොටස, ඉතිිරි කරගෙන එය පසුව උදේ සැන්විච් එකට තබාගත්තා. ඔවුනට ලැබුණු සියලූ පුවත්පත්වලින් ලෝකය ගැන තොරතුරු ලබාගත්තත් පොත් ලබාගත හැකිවූයේ බන්ධනාගාර පාලකයන් මාර්ගයෙන්. ඔහු කියවිය යුතු පතපොත මොනවාදැයි තීරණය කරන ලද්දේ බන්ධනාගාර බලධාරීන් විසින්.’’

පෝග‍්‍රන්ඞ්ට, විනාඩි හතළිහක් මැන්ඩෙලා සමග කතාබහෙන් ගත කළ හැකි විය. ‘‘අපි නැගී සිටියෙමු. එකිනෙකට සුබ පතා ගත්තෙමු. සාර්ථකත්වය ප‍්‍රකාශ කිරීමට අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ සාමාජිකයන් යොදාගන්නා Thumb upසංඥාව දුන්නෙමි. (ජය හෝ සාර්ථකත්වය ප‍්‍රකාශ කිරීමට අප‍්‍රිකා ජාතික කොන්ග‍්‍රසය යොදාගත් සංඥාව) ඔහුද ඒ සංඥාවෙන් මට සුබ පැතුවා.

මේ වන විට මැන්ඩෙලා වෙත ජගත් අවධානය ලැබෙමින් තිබුණේය. මැන්ඩෙලා හා තමා අතර වූ හමුව ගැන ලිවීමට නොහැකි වීම ගැන පෝග‍්‍රන්ඞ් දුක් විය. ඒ වෙලාවේ මැන්ඩෙලා සිටි ස්වරූපය ගැන, ඔහුගේ අවදි මනස ගැන, ලෝකය පිළිබඳව ඔහු දැන සිටි දේ ගැන ලිවීමට තිබුණා නම් එය ඉතාමත් සංවේදනාත්මක වන්නට තිබිණි. (පුවත්පත් වාර්තාකරුවෙකුට මෙවැනි අවස්ථාවක් මග හරින්නට සිදුවීම කොතරම් ඉච්ඡුාභංගයක්ද?)

ඉන් මාස කිහිපයකට පසුව බි‍්‍රතාන්‍ය වාර්තාකරුවෙකු මෙන්ම යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු වූ බෙත් නෙල් සාමිවරයාට මැන්ඩෙලා මුණගැසෙන්නට අවසර ලැබුණි. ඔහු සිය වාර්තාව පවුම් 12,000 කට ?න් ඬේලි මේල් පුවත්පතට විකුණන්නට සූදානම් වුවද ?න්ඞ් ඬේලි මේල් එය බාර නොගත්තේය.

මැන්ඩෙලා නිදහස් කිරීම පිණිස ඔහු වෙත නොයෙක් කොන්දේසි වර්ණභේදවාදී රජය විසින් ඉදිරිපත් කෙරෙමින් පැවැති බව පෝග‍්‍රන්ඞ් දැනගත්තේ විනී මැන්ඩෙලාගෙනි. ට‍්‍රාන්ස්කෙයි පළාතට ගොස් පාඩුවේ ජීවත්වීමේ කොන්දේසිය පිළිගනු ලැබුවහොත් වහා නිදහස් විය හැකි යැයි මැන්ඩෙලාට දැනුම් දී තිබුණේ ඔහුගේ බෑණනුවකු වූ ට‍්‍රාන්ස්කෙයි පළාතේ ගෝත‍්‍ර නායක කයිසර් මතන්සිමා විසිනි. මැන්ඩෙලා එය ප‍්‍රතික්ෂේප කළේය. එවකට පොලිස් කොමසාරිස් තනතුර දැරූ ජොහාන් කොඑට්සි ගෙන ආ තවත් එවැනිම යෝජනාවක්ද ඔහු ප‍්‍රතික්ෂේප කළේය. ප‍්‍රචණ්ඩත්වය අත්හරින්නේ නම් මැන්ඩෙලා නිදහස් කරන බව 1985 පෙබරවාරියේදී ජනාධිපතිි පී.ඩබ්ලිව්. බෝතා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කළද මැන්ඩෙලා එයද පිළිනොගත්තේය. ‘‘සාකච්ඡුා කොට තීරණයකට එළඹිය හැක්කේ නිදහස් මනුෂ්‍යයන්ට පමණයි. සිරකරුවන්ට ගිවිසුම්වලට එක්විය නොහැකිය.’’ ඔහු බෝතාට දැන්වූයේය.

පෝග‍්‍රන්ඞ්ට නැවත මැන්ඩෙලා දැක ගන්නට ලැබෙන්නේ 1986 ජනවාරියේදීය. සිය හමුවීම පුවත්පතේ ප‍්‍රචාරය නොකරන බවට ලිඛිත පොරොන්දුවක් දීමට පෝග‍්‍රන්ඞ්ට සිදු විය. එය අතිශයින් කළකිරවන සුලූවිය. 

කළු විරෝධය බුර බුරා ඇවිලෙමින් තිබුණේය. මැන්ඩෙලා පිළිබඳව ලෝක අවධානය වඩ වඩා යොමු වෙමින් පැවති අතර මාධ්‍යයට වඩ වඩා වාරණ වැටුණේය. දකුණු අප‍්‍රිකාව ඇමරිකානු බැංකුවලින් ලබාගෙන තිබුණු ණය ආපසු ගෙවීමට තවදුරටත් කල්දීම බැංකු ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටෙමින් තිබිණි. මෙවර පෝග‍්‍රන්ඞ්ට අතරමැදි බාධකයක් නොමැතිව මැන්ඩෙලා හමුවීමට හැකි විය. 

මැන්ඩෙලා හා පෝග‍්‍රන්ඞ් වාඩිවී සිටි තැනට පිටුපසින් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ඔවුන්ගේ කතාබහ සටහන් කර ගත්තේය. ‘‘මැඞීබා විනාඩි හතළිස් පහේ හමුවීම් දෙකක් ලබාගෙන තිබුණ නිසා අපිට පැය එකහමාරක් කතා බහ කරන්නට ලැබුණා. ටික වේලාවකට පසු ඔහු බන්ධනාගාර නිලධාරියාගෙන් වේලාව ඇසුවා. බන්ධනාගාර නිලධාරියා තමාට ඔරලෝසුවක් නැති බව සඳහන් කළේ ඒ ගැන ලැජ්ජාවට පත් වන බව අඟවමිනුයි.’’ පෝග‍්‍රන්ඞ් ඔහුගේ ඩිජිටල් ඔරලෝසුව පෙන්වමින් තවත් වැඩිපුර විනාඩි දහයක් සොරකම් කරගන්නට සමත් විය. ‘‘ඒක කැල්කියුලේටරයක් සහිත ඩිජිටල් ඔරලෝසුවක්. මැන්ඩෙලා ඒක දැකලා කුඩා දරුවෙකු වගේ විස්මයට පත් වුණා.’’ 

‘‘මෑතකදී ඔහුට බන්ධනාගර පරිශ‍්‍රය වටා මෝටර් රථයකින් ගමන් කරන්නටත්, තණකොළ මත ඇවිද යන්නට ලැබුුණු බවත් ඔහු පැවසුවා. 1964 දී රොබ්බන් දූපතට ගියදා සිට ඒ දක්වා ඔහු තණකොළ පතක් මත පා තබා තිබුණේ නෑ.’’ පුරඃස්ථික ග‍්‍රන්ථයේ සැත්කමකින් පසුව රෝහල්ගතව සිටින අතර ඔහු දකින්නට විනී පැමිණි බව ඔහු සඳහන් කළේය. ‘‘කාමරේට ඉර ආවා’’ ඔහු කීවේය. 

‘‘ඉන්පසු ඔහු සිරෙන් නිදහස් වීම ගැන කතා කළා....’’ ඒ ගැන සාකච්ඡුා කර තීරණයකට එන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් රජයට පවතින ගැටලූ පිළිබඳව තමා අවබෝධයෙන් සිටින බවත්, තමා නිදහස් කිරීමෙන් රටේ පවතින අර්බුදකාරී තත්වයේ ආතතිය අඩුවිය හැකි බවත් ඔහු ප‍්‍රකාශ කළේය. අහිංසාව පිළිබඳව සිය විශ්වාසය අවධාරණය කළ ඔහු තමා ප‍්‍රචණ්ඩකාරී පුද්ගලයෙකු නොවන බවද කියා සිටියේය. තමා සමග සියලූ දේශපාලන සිරකරුවන්ගේ නිදහස් කිරීමක් ඔහු බලාපොරොත්තු නොවූවද, එයද සාකච්ඡුාවට ලක්කළ හැකි බව ඔහු අවධාරණය කළේය. 

සම්මුඛ සාකච්ඡුාව අවසානයේ අසලක ආරක්‍ෂක නිලධාරියෙකු නැතිව ශාලාව තුළ විනාඩියක් දෙකක් ගත කරන්නට මැන්ඩෙලාට හා පෝග‍්‍රන්ඞ්ට අවස්ථාව ලැබුණි. ‘‘මම මේ කාරණය රජයට දැන්වූවාට කමක් නැද්ද?’’ පෝග‍්‍රන්ඞ් මැන්ඩෙලාගෙන් විමසුවේ එවිටය. ඔහු එකඟ විය. ජොහැන්නස්බර්ගයට ගිය පෝග‍්‍රන්ඞ් ජනාධිපති එෆ්.ඩබ්ලිව්. ක්ලර්ක්ට දුරකථන ඇමතුමක් ගත්තේය. ඔහු එවකට ජාතික අධ්‍යාපනය පිළිබඳ අමාත්‍ය තනතුර දැරූ බැවින් මැන්ඩෙලා පිළිබඳ ප‍්‍රශ්නයට තමා සම්බන්ධ නැතැයි පැවසුවද, විනාඩි දහයකින් නැවත පෝග‍්‍රන්ඞ්ට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ අධිකරණ ඇමති කොඑට්සිගෙනි. ක්ලර්ක් තමාට දුරකථයෙන් කතා කළ බව ඔහු කීවේය. ‘‘ඇයි ඔබ ක්ලර්ක්ට කථා කළේ.’’ ඔහු චෝදනා මුඛයෙන් පෝග‍්‍රන්ඞ් විමසුවේය. ‘‘ඔබ මට කතාකරන්න තිබුණා, මැන්ඩෙලා ගැන කටයුතු බාර මට’’ ඔහු මෙසේද සඳහන් කළේය. ‘‘ඔබ දන්නේ නෑ. පසුගිය අවුරුද්ද පුරාම මම ඔහු රහසේ මුණ ගැසුණා.’’ මැන්ඩෙලාගේ පණිවුඩය වැදගත් බවත්, ඔහු ඒ ඔස්සේ කටයුතු කරන බවත් කොඑට්සි කීවේය. එහෙත් මැන්ඩෙලා නිදහස ලබන්නේ තවත් සිව් වසරකට පසුවය.

1994 අපේ‍්‍රල් මාසයේදී දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම වර්ගවාදී නොවූ ප‍්‍රජාතන්ත‍්‍රීය මැතිවරණය පවත්වන ලදි. අප‍්‍රිකානු කොංග‍්‍රසය රටේ ඡුන්දායකයන්ගෙන් 62.6ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබමින් ජයග‍්‍රහණය කළේය. නිදහස සඳහා කළ අරගලයේදී මෙන්ම සතුරන් සමඟ සංහිඳියාව ඇතිකර ගැනීම සම්බන්ධයෙන්ද විසිවන සියවසේ විශ්වීය උදාහරණය ඔහුය යන මතය තහවුරු කරමින් නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති තනතුරට පත්විය.

මැන්ඩෙලා නිදහස් කිරීම පිළිබඳ කටයුතු ගාටමින් ඉදිරියට ඇදෙද්දී විනී මැන්ඩෙලා විශාල අවුල්සහගත තත්වයකට පත්ව සිටියාය. ඇගේ ශක්තියද ආත්ම විශ්වාසයද ඒ වන විට ඇගේ දුර්වලකම බවට පත්ව තිබිණි. ඇය රජයේ අණ නොතකමින් බ‍්‍රැන්ඞ්හෝටිහි සිය නිවෙස අතහැර සොවෙටෝහි මැන්ඩෙලාගේ නිවෙස වෙත පැමිණියාය. එහි හිඳිමින්, විශාල මන්දිරයක් තැනීම ඇරඹුවාය. අවට ජනයා එයට ‘‘විනීගේ මාලිගාව’’යැයි නම් පටබැන්දාහ. කලක් ඇගේ ආරක්‍ෂාවට රජයේ ආරක්‍ෂක නිලධාරීන් ගෙන්ම විවිධ තර්ජන එල්ල වෙමින් තිබිණි. ඇය තම ආරක්‍ෂාව සඳහා ‘මැන්ඩෙලා එක්සත් පාපන්දු සමාජය’ නම් ක‍්‍රීඩා සමාජයෙන් තරුණයන් සිය ආරක්‍ෂකයන් ලෙස යොදා ගත්තාය.

මේ තරුණයෝ අසල්වැසි නිවැසියන් කොල්ලකමින්, ඔවුනට නොයෙක් වධහිංසා කළහ. කලක් පුවත්පත්වල ජාතියේ අම්මා යන විරුදාවලියෙන් පුද ලද ඇය ගැන සොවෙටෝ නගරයේ බිත්ති පුරා කැළෑ පත්තර ගැසුණේය. මෙම කැළෑ පත්තරවල ඇය ‘‘ජාතියේ කොල්ලකාරිය’’යැයි ලියැවුණේය. ස්ටොම්පි හෙවත් සෙයිපෙයි මොඑකෙට්සි නම් කළු ගැටවරයාගේ ඝාතනය සිදුවූයේ මේ අතරය. ඔහු පාපන්දු සමාජයේ සාමාජිකයෙකි.

විනී මැන්ඩෙලාට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල විය. බිරිඳගේ ගර්හිත ජීවිතය පිළිබඳව නොයෙක් තොරතුරු විටින්විට මැන්ඩෙලාට අසන්නට ලැබුණද එවැනි දේ තමා සමග දොඩන්නට පැමිණි කෙනෙක් වීද, ඔහු ඔවුන් හරවා යැව්වේය. එහෙත් මැන්ඩෙලා සිරෙන් නිදහස් වීමත් සහ ඇගේ නාස්තිකාර ලෙස මුදල් වියදම් කිරීම තවත් වැඩි විය. ඇය අවිචාරවත් ලෙස පෙම් සබඳතාවලට පැටලී සිටියාය. ජනප‍්‍රිය වීමට හැකි සෑම කුප‍්‍රකට ක‍්‍රියාවකටම ඇය නැඹුරු වී සිටියාය. අවසානයේ ඔහු ඇගෙන් වෙන් වී 1996 දී ඇය දික්කසාද කළේය. 

නිදහස් දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු නෙල්සන් මැන්ඩෙලා විසින් පිහිටුවන ලද, බිෂොප් ඩෙස්මන්ට් ටුටුගේ සභාපතිත්වයෙන් හා සාමාජියකන් අටදෙනෙකුගෙන් සමන්විත වූ සත්‍ය කොමිසමේදී (1995 - 2002) මැන්ඩෙලා එක්සත් පාපන්දු සමාජය විසින් කරන ලද මිනීමැරුම්, වධ හිංසා, පැහැරගෙන යෑම් හා පහරදීම් සම්බන්ධයෙන් විනී මැන්ඩෙලා වගකිව යුතු යැයි තීරණය කරන ලදි. ඇයට පස්වසරක සිර දඬුවම් නියම කෙරිණි.

මාලිනී ගෝවින්නගේ 

0 comments

Recent Posts

Popular Posts

Popular Posts